
මම මුලින්ම ඔයාලා ඒක්ක කතා කරන්න හිතුවා අපි කවුරැත් දන්න PUBG ඒහේමත් නැත්කම් Player Unknown Battleground කියන ඔන්ලයින් ක්‍රිඩාවේ ආරම්භය ගැන. ඉතින් මේ ලිපිය ටිකක් දිග වෙයි කියලා මම හිතනවා.
මම හිතනවා මේ ක්‍රිඩාව ගැන ඔයාලා හැමොම දන්නවා ඇති කියලා. ඒ උනත් දන්නේ නැති අය වෙනුවෙන් මම පොඩි හැදින් විමක් කරලා ඉන්නම්.
PUBG ඒහේමත් නැත්තම් Player Unknown Battleground කියන්නේ ඔන්ලයින් මල්ටිපේලේය ක්‍රිඩාවක් (Online Multiplayer Game) ඒ කියන්නේ ඔයාට මේ ක්‍රිඩාව ඔයා වගේ ඇත්තම් ක්‍රිඩකයන් ඒක්ක තමා ක්‍රිඩා කරන්න වෙන්නේ. මේකේ ඒක ක්‍රිඩා වටයකදි පේලේයස්ලා (Player) 100 ඇතුලත් වෙනවා. මේ සියදෙනාම පේලේන් ඒකකින් පාලු දුපතකට ගිහින් දානවා. සියදෙනාම දුපතට බහිනකන් ඔයාට කිසිම අයුලක් වෙන්නේ නැ. සියදෙනාම බැස්සට පස්සේ තමා ඔයාට අවුලක් වෙන්නේ ඒ මොකද සියදෙනාට අන්තිමයා දක්වාම ඒකිනෙකා සමග මරා ගන්න තමා තියේන්නේ අන්තිමට ඉතුරැවෙන කෙනාට චිකන් ඩිනර් (Chicken Dinner) ඒකක් ගන්නත් අවස්තාව ලැබෙනවා. මුලින්ම මේය සරල ලෙස ආරම්භ උවත් දැන් මේය පුලුල් පරාසයක් තුල විහිදි පවතිනවා.

දැන් අපි බලමු මේක හදන්න මුල් උන කතාව......


මේ ගේම් එක නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ 2000 වසරේ ජපානයේ තිරගතවුන බැටල් රෝයල් (Battle Royal) කියන චිත්‍රපටය. ඉතින් මේ කාලයේ ලෝකේ හිටිය ගේම් ලෝලීන්ට මේවගේ ගේම් එකක් ක්‍රීඩා කරන්න් උවමනාව තිබුනත් එහෙම ක්‍රීඩාවක් නිර්මාණය උනේ නැහැ. ද හංගර් ගේම්ස් (The Hunger Games) වගේ චිත්‍රපට තිරගත වෙනකොට මේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න ගත්තා.
ඉතින් ලෝකේ වෙනස් විදිහට හිතන මනුසයෙකුට මේවගේ ගේම් එකක් නිර්මාණය කරන්න අදහසක් අවා. ඔහු තමයි Brendan Greene ඔහු ගේම් නිරමාණ කරුවෙක්නම් නෙමේ ඔහු බ්‍රසීලයේ ජිවත්වුන චයාරුප ශිල්පියෙක් මෙන්ම වෙබ්අඩවි නිර්මාණ කරුවෙක්. ඔහුගේ විවාහයෙන් අවුරුදු දෙකකට පස්සේ වෙන්වෙන්න සිද්ද උනා. මේ සිද්දිය නිසා ඇතිඋන සිත්පිඩාව නැතිකර ගන්න ඔහුගේ මවුබිම උන අයර්ලන්තය යන්න ඔහු තීරණය කරා. අයර්ලන්තයට අව ඔහු එහිදී ඔහු ආර්මා (ARMA) ක්‍රීඩා කරන්න පෙලබෙනවා. (අර්මා කියන්නේ Realistic Shooting Game එකක් ඒ කියන්නේ සබැ ජිවිතයේ වෙඩි තියාගන්නවා වගේම අත්දැකීමක් ලබාදෙන ගේම් එකක්.).


ඉතින් මොහුට ඕනවුනා ඔහුගේ හිතේ තිබ්බ විදිහට ගේම් එකක් හදන්න එතින් ඔහු ARMA II ගේම් එකට Battle Royal කියලා මොඩ් එකක් හැදුවා. එතින් මේ මොඩ් එක ලෝකයේ ගොඩක් ජනප්‍රිය වෙනවා ඉතින් මේ නිසාම Sony Online Entertainment Company එක Brendan මේ සමාගමේ කන්සල්ටන් කෙනෙක් විදිහට බදවා ගත්තා. ඉතින් මොහු මේකෙදි මොහුගේ දායකත්වය H1Z1 king Of The Kill කියන ගේම් එක හදන්න ලබා දුන්නා.


Steam එකේ Most Played Game එක වෙන්නත් මේකට පුළුවන් උනා.2017 සැප්තැම්බර් වෙද්දී මිලියන 1.29ක ක්‍රීඩකයන් ප්‍රමාණයක් ලබාගන ජනප්‍රිය Dota II ගේම් එකත් අබිබවා පළමු තැනට එන්න සමත් උනා. ඉතින් මේ ගේම් එක තමා අපි හැමෝම දන්න PUBG එහෙමත් නැත්තම් Player Unknown Battleground. ඉතින් මේ ගේම් එක දැන් ලොකු පරාසයක වීහිදිලාතියනවා.මේ ගේම් එක PC,Xbox,PlayStation වගේම PUBG Mobile මෙවෙද්දී IOS හා Android පොන් වලට නිකුත් කරලා තියනවා. තාමත් ඔයාල මේක පේලේ කරේ නැතම් පේලේ කරලා බලන්න. තවත් මේ වගේ ලිපියකින් අපි හම්බෙමු.
0 Comments