අපි කලින් කතා කලා harry potter මායා ප්‍රබන්ධ කතා පෙල ගැන මූලික ම තොරතුරු ටිකක්. (පළමු ලිපිය මෙතැනින් කියවන්න) ඉතින් දැනටමත් ඔයාලා දන්නවා මේ පෙරලිකාර කතා පෙලේ පලවෙනිම කෘතිය Harry Potter and the Philosopher's Stone කියන නමින් publish කලා කියලා. ඉතින් අපි අද ඒ ගැන ටිකක් කතා කරමු.
Harry Potter and the Philosopher's Stone book

Harry Potter and the Philosopher's Stone කෘතිය 1997 දී Harry potter series එකේ පළවෙනි පොත විදිහට වගේම JKR ගේ අතින් රචනා වෙන පළවෙනිම කතා පොත විදිහටත් Bloomseburry පොත් සමාගම විසින් ප්‍රකාශනයට පත් කරනවා.
මේ කතාව ගෙතෙන්නේ 11 හැවිරිදි හැරී පොටර් නම් කුඩා දරුවෙක් වටායි. ඔහු උපතින්ම මායා උරුමයක් ඇතිව උපදින දරුවෙක් උනත් කුඩා කාලයේදීම දෙමව්පියන් අහිමි වීම නිසා Dursely නම් සාමාන්‍ය පවුල සමඟින් තමයි හැදී වැඩෙන්නේ. ඩර්ස්ලිලා කිසි විටෙකත් හැරීට ඔහුගේ දෙමව්පියන් වන ලිලී සහ ජේම්ස් මායාකරුවන් බව පවසන්නේ නෑ. නමුත් හැරීට වයස අවුරුදු 11 සම්පූර්ණ වෙද්දි Hogwarts school of witchcraft and wizardry නම් මායා පාසලෙන් ඔහුට කැඳවීමේ ලිපියක් ලැබෙනවා. එතැන් පටන් හැරීගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා. මායා පාසලේ දී කැපී පෙනෙන චරිතයක් වන හැරීට මුහුණ දෙන්න වෙන සිදුවීම් ගැන තමයි එතැනින් ඉදිරියට කතාව ලියැවෙන්නේ.
හැරීගේ දෙමව්පියන්ගේ මරණය සිදු වුණු රැයේ ලෝඩ් වෝල්ඩමෝට්ට ඔහුගේ ශරීරය අහිමි වෙනවා.නමුත් Nicolas Flamel විසින් සොයාගත් පාෂානය මගින් නැවත යථා තත්වයට පත් වීමට හැකි බැවිනුත් අමරණීයත්වය සහ බලයත් ලබා ගත හැකි නිසාවෙන් ඔහු එය සොයා පැමිණෙනවා. මේ පිළිබඳව දැනගත් හැරී, රොන්, සහ හර්මයිනි ඔහුව වැලැක්වීම සඳහා උත්සාහ කරනවා.
ඉතින් හැරී, රොන් සහ හර්මයිනි එකතුවෙලා කරන අපූරු මායා වික්‍රමයන්ට මේ කතාව කියවන පාඨකයින්ගෙන් උපරිම ප්‍රතිචාර හිමි වෙනවා. මෙය JKR ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් බවටත් පත් වෙනවා. ලොව පුරා භාෂාවන් 73කට ආසන්න ප්‍රමාණයකට පරිවර්ථනය වන මෙය ලොව පුරා වැඩිම අලෙවියක් ඇති පොත් ගොන්න අතරටත් එක් වෙනවා.
සැබැවින්ම යමෙක් කියවීමට සුදුසු පොතක් නම් කරන්නැයි මට පැවසුවොත් මා දෙවරක් නොසිතාම මෙම පොත කියවන්නැයි ඔහුට පවසනවා. එය එතරම්ම රසවත්. එමෙන්ම බාල මහලු බේදයකින් තොරව කියවිය හැකියි.
English Book Here
Harry Potter and the philosopher's stone movie

- අධ්‍යක්ෂනය - Chris Columbus
- නිශ්පාදනය - David Heyman
- රංගනය - Daniel Radcliffe, Rupert Grint, Emma Watson, John Cleese, Robbie Coltrane, Warwick Davis, Richard Griffiths, Richard Harris, Ian Hart, John Hurt, Alan Rickman, Fiona Shaw, Maggie Smith, Julie Walters
- සංගීතය - John Williams
- නිශ්පාදන ආයතන - Warner Bros. Pictures[1] , Heyday Films[1] , 1492 Pictures[1]
- බෙදාහැරීම - Warner Bros. Pictures[2]
- තිරගත වු දිනය - 4 November 2001 (Odeon Leicester Square)
- 16 November 2001 (United Kingdom and United States)
- කාලය - 152 minutes[3]
- රට - United Kingdom , United States[1][4]
- භාෂාව - English
- වියදම - $125 million[5]
- Box office - $978.1 million[5]
මෙය Best Original Score, Best Art Direction සහ Best Costume Design යන සම්මානයන් සඳහා Academy සම්මාන උලෙළටද නිර්දේශ වනවා.
සිංහල හඩකැවූ චිත්‍රපටය Download කරගන්න.
ඔන්න ඉතින් හැරී පොටර් කතා මාලාවේ පළවෙනි පොත් ගැන වගේම පළවෙනි film එක ගැනත් අද ඔයාලට විස්තර ගෙනාවා. මේ කතා මාලාවේ ඉතිරි කොටස් සමඟින් මීලඟ ලිපියේදි හමුවෙමු.
✍️ සහස්‍රා
0 Comments