Harry potter ලොව ජනප්‍රියම මායා ප්‍රබන්ධය....

JK Rowling working on four new Harry Potter books. Here's what ...

ලෝක ප්‍රකට Harry Potter කතා මාලාව

අද අපි කතා කරන්න යන්නේ ලෝක ප්‍රකට හැරී පොටර්  කතා මාලාව ගැන. හැරී පොටර් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක් වන J.K.Rowling විසින් රචනා කරන ලද මායා ප්‍රබන්ධ කතා මාලාවක්.  ඇගේ කුඩා කාලයේ අත්දැකීම් සහ ඇය ඇසුරු කළ පුද්ගලයින්ගේ චරිත ලක්ශනයක් පාදක කර ගනිමින් නව චරිත නිර්මාණය කරමින්  Hogwarts school of witchcraft and wizardry නම් වූ මායා පාසලක ඉගෙනුම ලබන Harry Potter නම් වූ තරුණ මායා කරුවෙකුගේ ජීවිතය හා සම්බන්ධ සිද්ධි මාලාවක් ලෙස නිර්මාණය කරන මෙය ප්‍රථම වරට පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නේ 1997 ජුනි 26 වෙනිදා "Harry potter and the philosopher's stone" කියන නමින්. වැඩි කලක් යන්නට මත්තෙන් ම ලොව පුරා බාල මහලු පාඨකයින් විශාල ප්‍රමාණයක් මේ මායා ප්‍රබන්ධය ඉතා ආදරයෙන් වැලඳ ගන්නවා. J.K.Rowling තමන්ගේ පළවෙනිම පොතෙන් ලොව පුරාම ජනප්‍රියම ලේඛිකාවක් බවට පත් වුණා වගේම පාඨක ප්‍රතිචාර නිසාම මේ කතාව එක පොතකින් නොනැවතී පොත් 7කින් සමන්විත කතා මාලාවක් වනතුරුම ඇය අතින් ලියවෙනවා.
ඒ අනුව පිළිවෙලින්,

  1. Harry potter and the philosopher's stone (1997)
  2. Harry potter and the chamber of secrets (1998)
  3. Harry potter and the prisoner of Azkaban (1999)
  4. Harry potter and the goblet of fire (2000)
  5. Harry potter and the order of the phoenix (2003)
  6. Harry potter and the half blood prince (2005)
  7. Harry potter and the deathly hallows (2007)  ග්‍රන්ථයන් පාඨකයින් අතට පත් වෙනවා.


Retrospective of Harry Potter Book Covers

මේ කතා මාලාවේ ජනප්‍රියත්වය නිසාම Warner Bros. Pictures සමාගම තීරණය කරනවා මේ කතා මාලාව පාදක කරගත් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න. ඒ අනුව කතුවරිය සමඟ කළ සාකච්චා අවසානයේ ඇය අතින්ම නිර්මාණය වන තිර පිටපතකට අනුව ප්‍රථම වරට වර්ෂ 2001දී Harry potter and the philosopher's stone චිත්‍රපටය තිරගත වෙනවා. harry potter  චරිතයට Daniel Radcliffe, Hermione Granger චරිතයට Emma Watson සහ Ron wheasley ලෙස Rupert Grint යන ලමා නළු නිලියන් හඳුන්වා දෙමින් එය ලොව පුරා රටවල් බොහෝමයක ආදායම් වාර්ථා බිඳ දමමින් අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් ලෙසින් තිරගත වෙනවා.

ඒ වගේම එහි සාර්ථකත්වය එතැනින් නොනැවතී J.K.Rowling විසින් රචිත සම්පූර්ණ කතා මාලාවම නිරූපණය කරමින් චිත්‍රපට 8කින් සමන්විත චිත්‍රපට මාලාවක් බවට පත් වෙනවා. 
ඒ අනුව පිළිවෙලින්,

  1. Harry potter and the philosopher's stone (2001)
  2. Harry potter and the chamber of secrets (2002)
  3. Harry potter and the prisoner of Azkaban (2004)
  4. Harry potter and the goblet of fire (2005)
  5. Harry potter and the order of the phoenix (2007)
  6. Harry potter and the half blood prince (2009)
  7. Harry potter and the deathly hallows - part1 (2010)
  8. Harry potter and the deathly hallows - part2 (2011)

යන චිත්‍රපටයන් ග්‍රන්ථ මාලාව ලෙසින්ම අතිශය ජනාදරයට පත් වෙමින් ලොව පුරා තිරගත වෙනවා.

Harry Potter movie posters | Harry potter movies, Harry potter films

ඒ වගේම මෙම කතා මාලාවටත් JKR විසින් නිර්මාණය කරන ලද මායා ලෝකයටත් ආදරය කරන  බොහෝමයක් රසික රසිකාවියන් වෙනුවෙන් ඇය විසින් තවදුරටත් Fantastic beasts නමින් නව කතා මාලාවක් ඉදිරිපත් කරමින් රසිකයන් තව බොහෝ කාලයක් යනතුරු මායා ප්‍රබන්ධයන් වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා. Warner Bros. සමාගමද එක්ව එය තවදුරටත් ජීවමාන කිරීමට කටයුතු කරමින්,
  • Fantastic beasts and where to find them (2016)
  • Fantastic beasts: The crimes of Grindelwald (2018) 
Amazon.com: Fantastic Beasts 2-Film Collection [DVD] [2018 ...


චිත්‍රපට නිර්මාණය කරනවා. තවමත් කොටස් 2ක් පමණක් නිර්මාණය වී ඇති මෙයත් කොටස් 5කින් සමන්විත චිත්‍රපට මාලාවක් දක්වා ඉදිරියට නිර්මාණය වීමට නියමිතයි. 

වයස් බේදයකින් තොරව මුළු ලෝකයක් ආදරය කරන මෙම මායා ප්‍රබන්ධ පෙළ පිලිබඳව සහ J.K.Rowling නම් වූ සොඳුරු කතුවරිය පිළිබඳවත් ඔබට සටහනක් තැබීමට සිතේ ඇති වු ආශාවක මුල් ඵලය මෙලෙසින් ඔබ හමුවේ තැබීමට හැකි වුණා. එලෙසින්ම ඉදිරි ලිපි වලින් තවත් තොරතුරු රැගෙන එන්නම්. 

ඔයාලගේ අදහස් පලින් comment කරන්න අමතක කරන්න එපා.

✍️ සහස්‍රා

Post a Comment

1 Comments